දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් සමඟ උදෑසන අධික මීදුම් තත්වයක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
13

දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් සමඟ උදෑසන අධික මීදුම් තත්වයක්

දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් සමඟ උදෑසන අධික මීදුම් තත්වයක්

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණකොට දිවයිනේ සෙසු ප්‍රදේශවලප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.

 

මධ්‍යම,සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසනකාලයේදී මීදුම්සහිත තත්ත්වයක්ඇතිවිය හැක.

 

ත්‍රිකුණාමලය සිට මඩකළපුව හරහා හම්බන්තොට දක්වාවන මුහුදු ප්‍රදේශවලවැසි ස්වල්පයක් ඇතිවේ. දිවයින වටා මුහුදුප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එයි.

 

සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ. කොළඹ සිට පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-45) දක්වා වැඩි විය හැක.

 

කොළඹ සිට පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවිටින් විට තරමක් රළු විය හැක.

 

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ.

views

725 Views

Comments

arrow-up