නොසිතූ මොහොතක වැටුණු ගස ජීවිතයක් බිලිගත් හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
21

නොසිතූ මොහොතක වැටුණු ගස ජීවිතයක් බිලිගත් හැටි

නොසිතූ මොහොතක වැටුණු ගස ජීවිතයක් බිලිගත් හැටි

ඉමදුව කෝඹල පිටුවලහේන ගුණසේකර කන්ද ප්‍රදේශයේ තේ ඉඩමක වැඩ කරමින් සිටි පුද්ගලයෙකුගේ හිස මතට ගසක් කඩාවැටි ඔහු මියගොස් ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

 

මෙසේ මියගොස් ඇත්තේ හබරාදුව මිපෙ පදිංචි බී.ජී.ධනුෂ්ක සම්පත් නමැති 40 හැවිරිදි අයෙකි.

 

ඔහු අච සවස දෙකට පමණ පැමිණ තම මවට අයත් තේ ඉඩමේ වැඩ කරමින් සිටියදි ඇතිවු තද සුළගින් අසල තිබු මාර ගසක් ගැලවි හිස මතට වැටි ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසයි.

 

සිද්ධිය වාර්තාවිමත් සමග ඉමදුව ප්‍රාදේශිය ලේකම් එස්.ඒ.එම්.නස්ලි මහතා එම ස්ථානයට ගොස් ඇති අතර ඒ මහතා පැවසුවේ ඔහු එම ස්ථානයේම මියගොස් සිටි බවය. 

views

248 Views

Comments

arrow-up