ගුවන්තොටේ සිරවූ මිලියන 2.1ක දුම්වැටි

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් ලක්ෂ විසි එකක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග ඒවා මෙරටට රැගෙන ආ පුද්ගලයා ද ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් අද(15) අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු කොළඹ - 13 ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි වෙළඳ ව්‍යාපාරිකයෙකි . ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
එසේ පැමිණි ඔහු අද(15 ) අලුයම් කාලය වන තෙක් ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ රැදී සිටි ගුවන් තොටුපොළෙන් පිටවීමට තැත් කරමින් සිටියදී මෙසේ අත් අඩංගුවට පත් වී තිබේ .
මොහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ දුම්වැටි 21,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 105 ක් සගවා ගෙන තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .
250 Views
Comments