ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පිහිනූ පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි වෙත පිහිනමින් සිටි පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 78 හැවිරිදි වියේ පසුවූ ගෝපාල් රාඕ නැමති ඉන්දීය ජාතිකයෙකි.
31 දෙනෙකුගෙන් සමන්විත පිහිණුම් කණ්ඩායමක් අද අලුයම ශ්‍රී ලංකාවේ ඉන්දියාව වෙත සහාය පිහිණුම් ඉසව්වක් සංවිධානය කර ඇත.
එහිදී මෙම අවාසනාවන්ත සිදුවීම වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
තරගය අතරතුර ගෝපාල් රාඕ සංවිධායකයින් වෙත දැනුම්දී ඇත්තේ තමන්ට ශ්වසන අපහසුතාවයක් ඇති බවය.
කෙසේ වෙතත් එහිදී අදාළ රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඔහු අවාසනාවන්ත ලෙස මියගොස් ඇත.
මෙම සිදුවීමත් සමග සංවිධායකයින් විසින් එම පිහිනීමේ ඉසව්ව අවලංගු කර නැවත ඉන්දීයාව වෙත ගොස් තිබේ.
ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මෙලෙස මියගොස් ඇති ගෝපාල් රාඕ නැමති පුද්ගලයා පළපුරුදු පිහිනුම් ක්‍රීඩකයෙකු බවය.
279 Views
Comments