තුන්වැනි කොරෝනා මරණය වාර්ථා වෙයි

නව කොරෝනා වෛරසය (COVID-19) ආසාධනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී සිදුවූ තුන් වැනි මරණය ඊයේ (01) රාත්‍රී වාර්තා වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි.
73 හැවිරිදි මිය ගිය පුද්ගලයා කොළඹ මරදානේ පදිංචිකරුවකු බව එම කාර්යංශය පවසයි.
ඔහු කොරෝනා ආසාධිතයකු බව තහවුරු කර ගෙන ඇත්තේ ඊයේ (01) බවත්, ඒ වන විට ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
ඔහු කොරෝනා ආසාධිතයකු බව තහවුරු කර ගත් වහාම කොළඹ අයි.ඩී.එච් රෝහලට යැවීමට කටයුතු කළ බවත්, අයි.ඩී.එච් රෝහලට මාරු කරන අවස්ථාවේ ඔහු මියගොස් ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
මෙම රෝගියා ද දියවැඩියාව, අධික රුධිර පීඩනය ආදී රෝග කිහිපයකින් පෙළුණු බව ද, ඔහු රෝහල් ගත කර ඇත්තේ රෝගය උත්සන්න වූ අවස්ථාවක බව ද එම අමාත්‍යංශය පවසයි.
728 Views
Comments