දිව රතු වන කොරෝනා වයිරස් නව ප්‍රභේදයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
19

දිව රතු වන කොරෝනා වයිරස් නව ප්‍රභේදයක්

දිව රතු වන කොරෝනා වයිරස් නව ප්‍රභේදයක්

දිව රතු වන නව රෝග ලක්ෂණයක් සහිත කොරෝනා වෛරස ප්‍රභේදයක් මේ වනවිට ලෝකය පුරා පැතිර යන බවට අනාවරණය වන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

 

මෙම නව ප්‍රභේදය ' කොවිඩ් ටන්' ලෙසයි දැනට බොහෝ දෙනා හඳුන්වන්නේ.

 

මෙම නව ප්‍රභේදය ආසාදිත පුද්ගලයකුගේ දිවේ තුවාල හට ගන්නා අතර රතු පැහැති බිබිලි හෝ රතු ලප වශයෙන් හෝ මැලියම් ලෙස දිව මතුපිට රත් පැහැ වීම දැකගත හැකියි.

 

මේ සම්බන්ධයෙන් වඩාත් කල්පනාකාරීව සිටින ලෙසත් එවැනි රෝග ලක්ෂණ පෙන්වන්නේ නම් PCR පරීක්ෂණයක් මගින් වයිරසය ආසාදනය වී ඇත්ද යන්න පරික්ෂා කර ගැනීම වඩාත් සුදුසු බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

 

 

 

views

880 Views

Comments

arrow-up