CTB එකට නව බස්රථ 200ක් ගැනීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා පත්ළ පහත් නව බස්රථ 200ක් මිල දී ගැනීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
කොළඹ හා තදාසන්න නගර ආශ්‍රිතව නවීන පහසුකම් සහිත පොදු ප්‍රවාහන සේවාවක් සහ වාහන නවතා තබා යාමේ පහසුකම් සහිත සේවාවක් ආරම්භ කිරීම සදහා වාහන නියාමන සහ බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා.
ඒ සදහා දැනට පවතින බස් රථවලට වඩා මගී සුව පහසු සහිත කෙටි දුර ධාවනයට උචිත බස් රථ 200ක් මිලදී ගැනීමට ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ (11) පැවති කැබිනට් හමුවේදී අනුමැතිය හිමිව තිබෙනවා.
821 Views
Comments