ප්‍රදේශ කිහිපයකට ගංවතුර තත්වයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
21

ප්‍රදේශ කිහිපයකට ගංවතුර තත්වයක්

ප්‍රදේශ කිහිපයකට ගංවතුර තත්වයක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණිය පිටාර මට්ටමට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

 

මේ හේතුවෙන් ඉදිරි පැය 48 දක්වා වූ කාලය තුළ බුලත්සිංහල, මදුරාවල සහ පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර අවදානමක් පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

 

ඊට අමතරව අත්තනගලු ඔය ද්‍රෝණියේ ජල මට්ටම ද ඉදිරි පැය 48 දක්වා වූ කාලයේ ඉහළ යාමත් සමග දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත්බිම් ගංවතුර අවදානමට ලක්ව තිබේ.

 

මේ අතර පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග දිස්ත්‍රික්ක 08කට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

views

226 Views

Comments

arrow-up