ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
17

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කරයි

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කරයි

මුහුදු මාර්ගය ඔස්සේ අනවසර සංක්‍රමණිකයන් මෙරටට පැමිණිමේ සියලු ඉඩකඩ අහුරා ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව අවධාරණය කරනවා.

 

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා මේ බව සදහන් කළේ කොරෝනා රෝගය ව්‍යාප්තව පවතින රටවල සිට පුද්ගලයන් මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට පැමිණිමේ සුදානමක් ඇතැයි පළවන පුවත් පිළිබද කරුණු පැහැදිලි කරමින්.

 

වැඩි ධීවර ඝණත්වයක් පවතින උතුරු සහ වයඹ මුහුදු ප‍්‍රදේශවල විශේෂ මෙහෙයුම් රැසක් කි‍්‍රයාත්මක කර ඇති බව ද නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවා.

 

මුහුදු මාර්ග ඔස්සේ සිදුවිය හැකි නීතිවිරෝධී සංක‍්‍රමණ සහ අනෙකුත් ජාවාරම් සම්බන්ධයෙන් මහජනතාව අනියත බියක් ඇතිකරගත යුතු නැතැයි ද නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා මෙහිදී පෙන්වා දුන්නා.

 

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කර ඇති බවයි ඔහු කියා සිටියේ.

 

views

1081 Views

Comments

arrow-up