බොරතෙල් මිල බැහැලා.. ඩීසල් 42, පෙට‍්‍රල් 55, භූමිතෙල් 28ටත් දිය හැකියි..
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
16

බොරතෙල් මිල බැහැලා.. ඩීසල් 42, පෙට‍්‍රල් 55, භූමිතෙල් 28ටත් දිය හැකියි..

බොරතෙල් මිල  බැහැලා.. ඩීසල් 42, පෙට‍්‍රල් 55, භූමිතෙල් 28ටත් දිය හැකියි..

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඩු වී ඇති නිසා එම සහනය මෙරට ජනතාවට ලබාදී නිෂ්පාදනය ඉහළ නංවා ආර්ථිකය ගොඩ ගැනීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

 

අද ලෝකයේ පවතින ඉතා අඩු බොරතෙල් මිල මත මෙරට තුළදී ඩීසල් ලීටරය රුපියල් 42 කටත්, පෙට්රල් ලීටරයක් රුපියල් 50කටත්, භූමිතෙල් ලීටරයක් රුපියල් 28 කටත් ලබාදිය හැකි බවද ඔහු පැවසීය.

 

මෙම මිල සහන ලබා නොදීම නිසා ඉන්දීය තෙල් සමාගම විශාල ලාභයක් උපයමින් තිබුණු බවද ඊට විරෝධය පළ කළ හේතුවෙන් දැන් බද්දක් අයකරන බවද ඔහු සඳහන් කළේය.

 

ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මේ බව පැවසුවේ එම පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.

views

945 Views

Comments

arrow-up