රාජිත 30 වෙනිදා දක්වා රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න ලබන 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලිනි පෙරේරා මහත්මිය අද (27) නියෝග කළා.
අතිරේක මහේස්ත්‍රාත් ශලිනි පෙරේරා මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න ප්‍රතිකාර ලබන නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලට පැමිණ සැකකරු නිරික්ෂණය කිරිමෙන් පසුව මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
ඊට අමතරව සැකකරුව බන්ධනාගාර බාරයේ තැබීමට ද බන්ධනාගාර අධිකාරිවරයා වෙතට නියෝගයක් ද නිකුත් කරනු ලැබුවා.
704 Views
Comments