සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය අය කර ගැනීම අත්හිටුවයි

කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට ලබාදී තිබෙන ණය ආපසු අයකර ගැනීම අතුහිටුවන්නැයි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සියලු බැංකුවලට දැනුම් දී තිබේ.
ඒ අනුව රුපියල් කෝටි 30 දක්වා ණය ලබාගෙන සිටින කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට නැවත දැනුම් දෙනතුරු ණය වාරික ගෙවීමට සිදුනොවන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
ජනාධිපතිවරයා ලබාදුන් සහන පැකේජයේ අඩංගු සහනයක් ක්‍රියාත්මක කිරීමක් ලෙස මෙම තීන්දුව ගත් බවද මුදල් අමාත්‍යාංශය කියයි.
බැංකු ලබාදී ඇති ණය හා සම්බන්ධව ඉදිරියේදී එම බැංකුවලට සහන සැපයීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්ම කිරීමට නියමිතය.
726 Views
Comments