මාධ්‍ය සාකච්චාවට ආව දෙන්නා මිනී මරුවෝ කියලා මම දැනගෙන හිටියෙ නැහැ.මම නිර්දෝෂියි

ඉකුත් ජනාධිපතිවරණය සමයේදී සුදු වෑන් රියදුරන් දෙදෙනෙකු යැයි කියමින් තවත් පුද්ගලයින් දෙදනෙකු සමඟ මාධ්‍ය සාකච්චාවක් පැවැත්වූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ අපේක්ෂිත ඇප අයදුම්පත ඊයේ දිනයේදී ප්‍රතික්ෂේප වුණා.
එම අයදුම්පත මඟින් ඔහු සඳහන් කර සිටියේ එම රියදුරන් මිනීමරුවන් සහ මං කොල්ලකරුවන් බව තමන් නොදැන සිටි බවයි.
එමෙන්ම තමන් කිසිම විටෙක ඔවුනට ලක්ශ 20 ක මුදලක් හෝ,ඇමරිකානු තානාපති කාර්‍යාලයේ කම්කරු රැකියා ලබා දෙන බවට පොරොන්දු නොවූ බවද සඳහන් කර සිටිනවා.
2016 වසරේදී තම සේවාදායකයා වන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිංගප්පූරුවේ දී හෘද සැත්කමකට භාජනය වූ බවද ඔහුගේ නීතිවේදීන් අධිකරණයට කරුණු වාර්තා කලා.
එහෙත් ලංකා ජයරත්න මෙනෙවිය තීන්දුව ලබා දෙමින් ප්‍රකාශ කර සිටියේ තමන් අපේක්ෂිත ඇප අයදුම්පත ඉදිරිපත් කරනුයේ කුමන කරුණකටද යන්න නිශ්චිතව දැක්විය යුතු බවත්,මෙහිදී එවැන්නක් දක්වා නොමැති බැවිත් ඔහුගේ ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කරන බවත් ය.
මේ අතර රාජිත සේනාරත්න මහතා විසින් තවත් ඇප අයදුම්පතක් ඊයේ දිනයේදී යළිත් ඉදිරිපත් කළා.
1674 Views
Comments