ආපදා තත්වය සමඟ සිදුවූ මරණ ගණන ඉහළට

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගල මරණ 26ක් වාර්තා වී තිබේ.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අද (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් මේ බව සඳහන් කළේය.
එහිදී රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 41 ක් මේ වනවිට තුවාල ලබා ඇති බවය.
එසේම දිස්ත්‍රික්ක 23ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 262ක පවුල් 33,422ක පුද්ගලයින් 130,021ක් ආපදාවට ලක්ව ඇත.
රජය විසින් එම ප්‍රදේශ ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන සුරක්ෂා මධ්‍යස්ථාන 116ක පවුල් 2,368කට අයත් පුද්ගලයින් 9,248ක් රඳවා ඇති බවද එහිදී රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
189 Views
Comments