මැතිවරණ දෙකම වසර දෙකකින් කල් දාන්න එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
28

මැතිවරණ දෙකම වසර දෙකකින් කල් දාන්න එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනාවක්

මැතිවරණ දෙකම වසර දෙකකින් කල් දාන්න එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනාවක්

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ දෙක වසර දෙකකින් කල්දැමීමට කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

 

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මේ බව පැවසීය.

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාලිත රංගේ බණ්ඩාර,

 

"දැන් මේ බංකොලොත් භාවයෙන් මුදාගන්න තියෙනවා, රටේ ආර්ථිකය හදන්න තියෙනවා, IMF සහ ජාත්‍යන්තර සංවිධාන සමග අපේ එකඟතාවයන් තියෙනවා. මේ එකඟතාවයන් අපි කඩකරගත්තොත් නැවතත් අපි යන්නේ අර 2022 තිබුණ තැනට. ඉතින් අපි දැන දැන එතැනට ගිහිල්ලා විනාශ වෙනවා ද ? එහෙම නැත්නම් පොදු එකඟතාවයකට ඇවිල්ලා අවුරුදු දෙකකට මේ දෙකම දික් කරනවා ද ? ජනාධිපතිතුමාට ඉන්න පෙරේතකමට නෙමෙයි. අපියි මේ කියන්නේ . පාර්ලිමේන්තු ඡන්දයකට ගිහිල්ලා ආපහු නාස්ති කරන්න එපා. දෙකම අවුරුදු දෙකකට කල් දාන්න, ඒ අවුරුදු දෙක ඇතුළත මේ ප්‍රශ්න ටික නිරවුල් කරගෙන මැතිවරණයට යන්න පුළුවන්."

views

220 Views

Comments

arrow-up