කුවේට්හි රැකියාවට ගිය තරුණයෙක් සැකසහිත ලෙස මියයයි

කුවේට් රාජ්‍යයේ රැකියාවකට ගොස් සිටියදී මියගිය 27 හැවිරිදි තරුණයාගේ මරණයට හේතුව හෙළිකර දෙන්නැයි ඔහුගේ පවුලේ අය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
සීගිරියේ ඉලුක්වල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි ඩබ්ලිව්. ජී. තනුජක සඳරුවන් බණ්ඩාර අවිවාහකයෙකු වන අතර ඔහු මීට වසර එකහමාරකට පෙර කුවේට් රාජ්‍යයේ නිවසක රියදුරෙකු ලෙස සේවයට ගොස් තිබුණි.
පසුගිය 20 වනදා තම සහෝදරයා රිය අනතුරකට ලක්වී තුවාල ලබා තිබෙන බව ඔහු සේවය කළ නිවසේ හිමිකරු දුරකථන මාර්ගයෙන් දැන්වූ බව මියගිය සඳරුවන්ගේ සහෝදරියක වන ශෂිනි මල්සානී පැවසුවාය.
සඳරුවන්ගේ මවද කුවේට් රාජ්‍යයේ වෙනත් ප්‍රදේශයක ගෘහ සේවය සඳහා පිටව ගොස් තිබෙන අතර ඇයද අද (28) දින අලුයම ලංකාවට පැමිණ තිබෙන බව ශෂිනි මල්සානි තවදුරටත් සඳහන් කළාය.
සඳරුවන්ගේ මරණය පිළිබඳව දිගින් දිගටම සොයා බැලීමේදී ඔහු ගෙල වැලලාගෙන මියගිය බවට නැවත වරක් එම නිවසෙන්ම තොරතුරු වාර්තා වූ බවද නිවසේ ගබඩා කාමරයක ඔහු සියදිවි හානි කරගෙන සිටින කුඩා වීඩියෝවක් වට්ස්ඇප් මාර්ගයෙන් ඒවා තිබූ බවද පවුලේ අය වැඩිදුරටත් පවසයි.
කෙසේවෙතත් මියගිය තරුණයාගේ දේහය ලංකාවට රැගෙන ඒම සඳහා අවශ්‍ය පියවර ගනිමින් තිබෙන බවත් වාර්තා වෙයි.
මෙම තරුණයාගේ ගමන් මල්ලක තිබී ඔහු විසින් මීට මාස 06කට පමණ පෙර ලියන ලද ලිපියක්ද සොයාගෙන තිබෙන බවත් එහි සඳහන් කර ඇත්තේ ජීවිතය නැති කරගන්නා බවට මවට ලියන ලද ලිපියක් බවද එම ලිපියද වට්ස්ඇප් හරහා ලැබුණු බවත් නැගණිය පැවසීය.
සියදිවි හානි කරගත් බව කියන සඳරුවන් බණ්ඩාරගේ ඥාතියෙකු කියා සිටියේ,
"මට අරාබි භාෂාව හොඳින් කතා කරන්න පුළුවන්. එම නිවසේ හාම්පුතා සමග කතා කළා. ඔහු සඳහන් කළේ තම පුත්‍රයා රිය අනතුරකට ලක්වී රෝහල් ගත කළ බව. ඔහුට එතරම් කරදරයක් නැති බවත් කිව්වා."
ඥාතීන් පවසන්නේ සඳරුවන්ට සියදිවි හානි කරගැනීමට තරම් ගැටලුවක් නොමැති නිසා මරණය සැක සහිත බවය.
216 Views
Comments