හෙට විවෘත කිරීමට අවසර හිමිනොවන ආයතන හා සේවා ස්ථාන මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
10

හෙට විවෘත කිරීමට අවසර හිමිනොවන ආයතන හා සේවා ස්ථාන මෙන්න

හෙට විවෘත කිරීමට අවසර හිමිනොවන ආයතන හා සේවා ස්ථාන මෙන්න

පිසූ ආහාර, තේ, පලතුරු යුෂ සැපයීමේ හෝටල් හෝ ආයතන, සතිපොළ, දින පොළ, කායවර්ධන මධ්‍යස්ථාන, සම්භාහන ආයතන හෝ රාත්‍රී සමාජ ශාලා හෙට (11) දිනයේදී විවෘත කිරීමට අවසර හිමි නොවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

 


කෙසේ වුවත් අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ඇණවුම් මගින් ආහාර පාන ආදිය සැපයීමේ අවසරය ආපනශාලා වෙත හිමිව තිබෙන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ.
සැලෝන් සහ රූපලාවන්‍යාගාර හෙට සිට විවෘත කිරීමට අවසර හිමිවන බවත් එහිදී පිළිපැදිය යුතු උපදෙස් සහ අදාළ අවසරයන් ලබා ගැනීම අනිවාර්ය කර ඇති අතර ඉදිකිරීම් කේෂ්ත්‍රයට අදාලව කටයුතු ආරම්භ කළ හැකි බවත් ඊට අදාළ උපදෙස් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කොට තිබෙන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ.

 


නවාතැන් සහිත හෝටල් විවෘත කිරීමේ අවසරය හිමිවන්නේ නිරෝධායනය නීතීන්ට අනුව බවත් එම හෝටල් තුල නවාතැන් ගන්නා පුද්ගලයින්ට ආහාර පාන ලබා ගැනීම සඳහා හෝටලය තුල තිබෙන රෙස්ටුරන්ට් ආදිය විවෘත කිරීමට අවසර හිමි නොවන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියේ. ඒ අනුව හෝටලයේ කාමරවල නවාතැන් ගන්නා පුද්ගලයින්ට අවශ්‍ය ආහාර ආදිය ඔවුන්ගේ කාමරයටම සැපයීමට කළමනාකාරිත්වය පියවර ගත යුතු බවටද ප්‍රකාශ කර සිටියා.

 


මිට අමතරව වෙළදසැල්, සුපිරි වෙළදසැල් විවෘත කිරීමට අවසරය ලබාදී ඇත. එසේ විවෘත කිරීමෙන් පසු සමාජ දුරස්ථභාවය පවත්වා ගෙන යාම අනිවාර්ය වේ.
කුඩා හෝ මධ්‍යම ප්‍රමාණයේ වෙළදසැල් පවත්වාගෙන යන හිමිකරුවන් සහ එහි සේවය කරනු ලබන සේවකයින්ට තමන්ගේ ව්‍යාපාරික ස්ථානය සම්බන්ධයෙන් මාර්ගයේදී පරික්ෂා කරන පොලිසියට හෝ ආරක්ෂක අංශ වෙත දැනුම් දී අදාළ ස්ථාන වෙත යාමට හැකිය.
පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන විවෘත කිරිමට අවසර හිමිවන අතර ඒ සඳහා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා දැනුවත් කිරීම සිදුකල යුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටියා.

 


ආයතන, සේවා ස්ථාන, කර්මාන්තශාලා, පොදු ප්‍රවාහන සේවාවන් සහ වෙළදසැල් ඉදිරිපිට අත්පිරිසිදු කර ගැනීමට කටයුතු කළ යුතුයි. එසේ නොමැතිනම් නිරෝධායන නීතින්ට අනුව කටයුතු කරන බවද නියෝජ්‍ය පොලිස්පති අජීත් රෝහණ සඳහන් කර සිටියා.

 


මෙම කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා හෙට දිනයේදී බස්නාහිර පළාත තුළ පොලිස් නිලධාරින් 10,000ක් යොදවා ඇති බවට ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

 

views

1300 Views

Comments

arrow-up