ඇදිරි නීතිය නොතකා සිරීපාදේ යන්න ගිය අකුරැස්ස ප්‍රා. සභාපති ඇතුළු 05ක් අත්අඩංගුවට

ඇදිරි නිති බලපත්‍රයක් නොමැතිව අකුරැස්සේ සිට ශ්‍රි පාදස්ථානය දක්වා යාමට පැමිණි අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපති මුණිදාස ගමගේ මහතා ඇතුළු පස්දෙනෙකු අද (03) මස්කෙලිය මවුස්සාකැලේ පොලිස් මුරපොලේදි අත්අඩංගුවට ගෙන තිබේ.
අකුරැස්ස ප්‍රාදේශිය සභාවට අයත් යැයි පැවසෙන ලොරි රථයකින් ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා සහ සභාපතිවරයාගේ හිතවතුන් යැයි පවසෙන සිව්දෙනා මස්කෙලිය මවුස්සාකැලේ පොලිස් මුරපොල පසු කර යාමට ලොරි රථය ධාවනය කිරිමේදි එම පොලිස් මුරපොලේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරින් ලොරි රථය පරික්ෂා කිරිමේදි එහි ගමන් ගත් කිසිවෙකුටත් ඇදිරි නිති බලපත්‍රයක් නොමැති බවට තහවුරු විමෙන් පසු ලොරි රථයේ ගමන් ගත් සියළු දෙනා අත්අඩංගුවට ගෙන ඇත.
කොවිඩ්-19 වයිසරය පැතිර යාමේ අවදානමත් සමග පුජනිය ස්ථාන වැද පුදා ගැනිමට යාම සෞඛ්‍යය අංශ විසින් තහනම් කර ඇති අතර ශ්‍රි පාදස්ථානයටද හැටන් මාර්ගය ඔස්සේ වන්දනාකරුවන්ට සහ සංචාරකයන්ට ගමන් කිරිම නල්ලතන්නිය පොලිසිය විසින් තාවකාලිකව නතර කර තිබේ.
සභාපතිවරයා ඇතුළු අත්අඩංගුවට ගත් අනෙක් සිව්දෙනා ගමන් ගත් ලොරි රථයේ තිබි ගමන් මළු කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
ඇදිරි නිති බලපත්‍රයක් නොමැතිව අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා සහ තවත් සිව්දෙනෙක් අකුරැස්සේ සිට මස්කෙලිය දක්වා ආරක්ෂක අංශවල අවදානය යොමු නොවි පැමිණ ඇති බව මස්කෙලිය පොලිසිය කියා සිටියි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත ය.
700 Views
Comments