හැඳුනුම්පත් අංක ක්‍රමය ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවලට පමණයි

ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස්වලින් බැහැර යාමට දෙන අවසරය අදාළ වන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවලට පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ඒ අනුව ඇඳිරි නීතිය ලිහිල් කර ඇති අවස්ථාවල නිවෙස් වලින් බැහැරවීමට මෙය කිසිසේත්ම අදාළ නොවන බවයි ඔවුන් සඳහන් කරන්නේ.
එහෙත් කිසියම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් අවදානම් ප්‍රදේශයක් ලෙස නම් කර ඇත්නම් ඊට ඇතුළු වීමට හෝ පිටවීමට කිසිවෙකුටත් අවසර නොලැබෙන බව ද එම නිවේදනයේ සඳහන්.
කොළඹ, කළුතර, ගම්පහ, පුත්තලම යන දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු ප්‍රදේශවල ක්‍රියාත්මක රැඳිරි නීතිය අද (04) උදෑසන ඉවත් කෙරෙන අතර යළි රාත්‍රී 08.00ට පැනවීමට නියමිතය.
682 Views
Comments