දේවගැති දුන් ජලය පානය කළ කාන්තාව හදිසියේ මියයයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
25

දේවගැති දුන් ජලය පානය කළ කාන්තාව හදිසියේ මියයයි

දේවගැති දුන් ජලය පානය කළ කාන්තාව හදිසියේ මියයයි

මදුරන්කුලිය පොලිස් වසමේ දේවස්ථානයක පැවති දේවමෙහෙයක් අතරතුර ඇති වූ හදිසි රෝගී තත්ත්වයකින් කාන්තාවක් මියගොස් තිබේ.

 

පොලීසිය සඳහන් කළේ අදාළ කාන්තාව පුත්තලම රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූ බවය.

 

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 58 හැවිරිදි හලාවත ප්‍රදේශයේ පදිංචි දෙදරු මවකි.

 

විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ දීර්ඝ කාලයක සිට හෘදරෝගයකින් හා සෙම් රෝගයකින් එම කාන්තාව පෙළී ඇති බවය.

 

රෝග සුවවීම සඳහා කාන්තාව විසින් රැගෙන ආ ජලය දේවගැතිවරයා විසින් යාඥා කර නැවත එම කාන්තාවට බීමට ලබාදීමෙන් පසුව ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ බව ද අනාවරණය වී තිබේ.

 

මෘත ශරීරය පුත්තලම රෝහලේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අද (25) සිදුකිරීමට නියමිතය.

views

261 Views

Comments

arrow-up