APR
25
සම්බන්ධන්ගේ මාස තුනේ පාර්ලිමේන්තු නිවාඩුව සම්මතවෙයි

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක නිවාඩු ලබාදීමට පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාව අද (25) සම්මත විය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර දෙමළ ජාතික සන්ධානයේ චාල්ස් නිර්මලනාදන් මහතා එම යෝජනාව ස්ථිර කළේය.
ආර් සම්බන්ධන් මහතා 91වන වියේ පසුවන අතර මේ වනවිට අසනීප තත්ත්වයකින් පසුවෙයි.
231 Views
Comments