ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ ටොන් 10ක් තෑගි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
07

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ ටොන් 10ක් තෑගි

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ ටොන් 10ක් තෑගි

පවතින COVID-19 අර්බුදය සැලකිල්ලට ගනිමින් ඉන්දියාව විසින් අත්‍යවශ්‍ය ඖෂධ ටොන් 10 ක් ශ්‍රී ලංකා රජයට තෑගි කළා.

 

මෙම ඖෂධ ශ්‍රී ලංකා රජය විසින් මීට පෙර ඉල්ලා තිබුණා.

 

එයාර් ඉන්දියා විශේෂ ගුවන් යානයකින් මෙම තොගය ශ්‍රී ලංකාවට ගෙන ඒම සිදුවුණා.‍‍

 

මෙය ශ්‍රී ලංකාව සමඟ නිරතුරුව සිටින අසල්වැසි ඉන්දියාවේ නොසැලෙන කැපවීමේ තවත් ප්‍රකාශනයක් බවත් ස්වකීය දේශීය අභියෝග සහ අවහිරතා තිබියදීත්, ඉන්දියාව සැමවිටම විශ්වාස කරන්නේ තම සම්පත් හා විශේෂඥතාව තම මිතුරන් හා හවුල්කරුවන් සමඟ බෙදා ගැනීමට කටයුතු කරන බව ඉන්දීය මහකොමසාරිස් කාර්යයාලය සදහන් කරනවා.

 

 

 

views

810 Views

Comments

arrow-up