මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
19

මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල

මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එස්.ආර්.ආටිගල මහතා පත්කිරීමට තීරණය කර තිබෙනවා.

 

ආටිගල මහතා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙසද කටයුතු කළ අතර නියෝජ්‍ය භාණ්ඩාගාර තනතුරද ඔහු දරා තිබේ.

 

2018 ඔක්තෝම්බර් 26 ආණ්ඩු පෙරළියෙන් පසු දින 52 සමයේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද පත් වුණා. 

 

එස්.ආර්.ආටිගල මහතා එක්සත් රාජධානියේ වොරික් විශ්ව විද්‍යාලයෙන් ප්‍රමාණාත්මක සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධියද ලබා ගෙන ඇත. ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙක් ද වනවා.

 

මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති සහ රාජ්‍ය ව්‍යාපාර යන දෙපාර්තමේන්තුවල අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ ආටිගල මහතා රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලිය සඳහා දායකත්වය දැක් වූ නිලධාරියෙකි.

views

912 Views

Comments

arrow-up