රැවුල් කණ්ණාඩි ගලවා සුදු වෑන් රියැදුරු සහ රත්‍රන් ප්‍රවාහනකරු රටින් පන්නන්න රාජිත සැරසෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
12

රැවුල් කණ්ණාඩි ගලවා සුදු වෑන් රියැදුරු සහ රත්‍රන් ප්‍රවාහනකරු රටින් පන්නන්න රාජිත සැරසෙයි

රැවුල් කණ්ණාඩි ගලවා සුදු වෑන් රියැදුරු සහ රත්‍රන් ප්‍රවාහනකරු රටින් පන්නන්න රාජිත සැරසෙයි

ඇමැති රාජිත සේනාරත්න මහතා සමග ඊයේ දිනයේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වූ සුදු වෑන් රියදුරා බව කියූ පුද්ගලයා සහ කොටින්ගේ රත්ත‍්‍රන් කොළඹට ගෙන ආ බව කිවූ පුද්ගලයා ද ඉදිරි පැය 24ක කාලය තුල රටින් පලා යාමට සූදානම් වන බව වාර්තා වනවා.

 

ඉතාම විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අප වෙත කියා සිටියේ මේ වනවිටත් ඔවුන් දෙදෙනා සිය බොරු රැවුල් ගලවා දමා, උපැස් යුවලද ඉවත් කර කොණ්ඩයද වෙනස් කරමින් විදේශ ගතවීමට සියල්ල සූදානම් කර ඇති බවයි.

 

ඔවුන් විදේශයක පදිංචියට හෝ දීර්ඝකාලීන වාසය කිරීම සඳහා යාමේ සුදානමක් ඇති බව ද එම ආරංචි මාර්ග කියා සිටියා.

 

සුදු වෑන් රියැදුරු කියූ පුද්ගලයා කියා සිටියේ තමන් මිනිසුන් පැහැරගෙන මරා දැමීමට සම්බන්ධ වූ බවයි.

 

අනෙක් පුද්ගලයා පැවසුයේ ප්‍රභාකරන් රත‍්‍රන් ටොන් 7000ක් කොළඹට ගෙනැවිත් ගෝඨාභය රාජපක්ෂ මහතාට බාරදීමට තමන් සම්බන්ධ වූ බවකි.

 

මෙම මාධ්‍ය හමුව සදහා අදාල පුද්ගලයන් දෙදෙනාට කෝටි ගණනාවක මුදල් දී ඇති බව විපක්‍ෂයෙන් චෝදනා එල්ල කරයි.

views

1000 Views

Comments

arrow-up