රණවිරුවන් සුරකින නීති ගෙනඑනවා - ගෝඨාභය
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
31

රණවිරුවන් සුරකින නීති ගෙනඑනවා - ගෝඨාභය

රණවිරුවන් සුරකින නීති ගෙනඑනවා  - ගෝඨාභය

ශ්‍රීලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති දුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවූරු කරන ජන රැලියක් හංවැල්ල නගරයෙදී  ඊයේ (30)පැවත්වූනා.  ඒ සඳහා විශාල ජනකායක් එක්ව සිටියා. මෙහිදි අදහස් දැක්‌වූ ගෝඨාභය රාජපක්ෂ මහතා 

" මේ රජය මෙරට ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිම අවබෝධයක් නැතිව ආරක්‌ශාවට  කිසිම ප්‍රමුඛත්වයක් දුන්නෙ නැ. රටට  නිදහස ගෙනාපු රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණ වලට ගෙනියන්නට විදේශ රටවල් සමඟ සම්මුතිය අත්සන් කරලා  මඟ පෑදුවා.එවගේම අභූත චෝදනා නගලා  බුද්ධි අංශ සම්පූර්ණයෙන්ම කඩා දැම්මා. පොලිසිය, CID, TiDඑදා පාවිච්චි කලේ  ත්‍රස්තවාදය නැති කරන්න නමුත් මේ රජය පාවිච්චි කලේ  දේශපාලන විරුද්ධවාදීන්ට විරුද්දව. මේ නිසා රටේ ආරක්ෂාව නැති වෙලා රටේ බෝම්බ පිපිරුනා" 

"අපේ රජයක් යටතේ  ආරක්ෂක අංශ වල මානසිකත්වය හදලා අභිමානය වැඩි කරලා ඔවුන්ට මව්බිම වෙනුවෙන් වැඩ කරන්නට අවශ්‍ය රැකවරණය දෙන නීති රීති ගෙනල්ල නැවතත් මේ රටේ ආරක්ෂාව තහවුරු කරනවා.  එක කරන්න පුළුවන් වෙන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ අවබෝධයක් තියෙන විදේශ බලවේගවලට යට වෙන්නේ නැති අපිට විතරයි  කියන එක කියන්න ඕනේ"

මෙම ජන රැලිය සඳහා පොදු ජන පෙරමුණේ නියෝජිතයන් රැසක්ද  එක්ව සිටියා.

views

612 Views

Comments

arrow-up