ශානි ඇතුළු තිදෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
03

ශානි ඇතුළු තිදෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට

ශානි ඇතුළු තිදෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට

සාක්ෂි වසන් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට පත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ අනිකුත් සැකකරුවන් දෙදෙනා ලබන 17 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගම්පහ මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා.

 

ශානි අබේසේකර සමඟ තව දුරටත් රිමාන්ඩ් බාරයේ ලැබෙන්නේ පොලිස් පරීක්ෂක මෝහණ මෙන්ඩිස් සහ විශ්‍රාමික උප පොලිස් පරීක්ෂක නවරත්න ප්‍රේමතිලක යන සැකකරුවන් දෙදෙනායි.

 

ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තිදෙනා පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නොහැකි බව බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නා.

views

663 Views

Comments

arrow-up