නැගෙනහිර ජැටිය හැදෙන්නෙම ඉන්දියාවේ Transhipment වලටයි - කබ්රාල් කියයි

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය නිර්මාණය වන්නේම ඉන්දියාවේ ට්‍රාන්ස්ෂිප්මන්ට් සඳහා බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.
මෙම කාරණාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව ඉන්දියාවේ බලපෑමට ලක් වී නොමැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටින්නේ.
ශ්‍රී ලංකාවේ ව්‍යාපාර අනුව කොළඹ සිට ඇමරිකාවට අරාබියට නැව් මගින් ප්‍රතිඅපනයන කටයුතු කිරීමට නොහැකි බව ඔහු පෙන්වා දෙනවා.
මේ නිසා කොළඹ නැගෙනහිර ජැටියේ ව්‍යාපාර යොමුවන්නේ ඉන්දියාව දෙසට බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
ඉන්දියාව මගහැර හෙයින් ලබාගත හැකි උපරිම ප්‍රයෝජන ලබා ගැනීමේ වෙනත් මාර්ග දැනට නොපෙනෙන බව ඔහු සඳහන් කරනවා.
"මේ පෝර්ට් එක හැදෙන්නෙම ඉන්දියාවේ transhipment එක සඳහා... දැන් ලංකාවේ තිබෙන ආනයන සහ අපනයන දැනට තිබෙන පෝර්ට්ස් වලින් කෙරෙනවා. දැන් දේශීය ආයෝජකයිකයෙකු අපිට ඕන හින්දා දැන් මෙතන දැම්මට.. ඊට පස්සේ මෙතන නැව් වෙන්නේ නැත්තං ඊට පස්සේ මොකක්ද තියෙන ප්‍රයෝජනේ... වරාය හදලා මේකට තියෙන්න ඕනේ බිස්නස්.... ඒ බිස්නස් එන්නෙ ඉන්දියාව එතන සම්බන්ධ නිසා... මේ ඉන්ටර්නැෂිනල් පාර්ට් ඒක අපි තේරුම් ගන්නට ඕනේ."
949 Views
Comments