අසන්ත තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි - ක්‍රිකට් ගොඩනගන්න අර්ජුනටත් ඇමති නාමල්ගෙන් ආරාධනා

අසන්ත ද මෙල් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඔහු මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකාර ධුරයෙන් ද ඉල්ලා අස්වුනා.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු කමිටුවක් පත් කිරීමට තමන් මේ මොහොතේදී සුදානමක් නොමැති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.
"මම අර්ජුන රණතුංග මහත්තමයාට ආරාධනා කරනවා ක්‍රිකට් ගොඩනැගීමේ සැලැස්මට එන්න එක්තුවෙන්න කියලා" මාතරදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.
2040 Views
Comments