වියළි කාලගුණයෙන් ජන ජීවිතයට දැඩි පීඩා
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
22

වියළි කාලගුණයෙන් ජන ජීවිතයට දැඩි පීඩා

වියළි කාලගුණයෙන් ජන ජීවිතයට දැඩි පීඩා

වියළි කාලගුණයත් සමග දිවයිනේ ප්‍රදේශ කිහිපයක පුද්ගලයින් දෙලක්ෂ තිස් දහසකට ආසන්න ප්‍රමාණයක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එහි සහකාර අධ්‍යක්ෂ ජානක හඳුන්පතිරාජ මහතා පැවසුවේ, කළුතර දිස්ත්‍රික්කයේ පමණක් පුද්ගලයින් දෙලක්ෂ පහළොස් දහසකට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි.

 


පවතින වියළි කාලගුණයත් සමග ඇතැම් ප්‍රදේශවල අඛණ්ඩ ජල සැපයුමක් ලබාදීමට බාධා මතුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

 


නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ, වියළි කාලගුණයත් සමග පානීය ජලය ලබාගන්නා ජලමූලාශ රැසක් සිදී යමින් පවතින බවයි.

 


වියළි කාලගුණ තත්ත්වයත් සමග ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසද ජල සම්පාදන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

 


මේ අතර විදුලි බලාගාර ආශ්‍රිතව ජලශවලද ජල මට්ටම පහත බැස තිබේ.
කාසල්රි ජලශයේ ජල මට්ටම 49.9% ක් දක්වා අඩුවී තිබේ.

 


මාවුස්සාකැලේ ජලශයේ ජල මට්ටම 58.1කි.
මීට අමතරව කොත්මලේ ජලශයේ ජල මට්ටම 48.9% ක් වන අතර වික්ටෝරියා ජලාශයේ ජලමට්ටම 77.1%කි.

 


විදුලිබල මණල්ඩලය පවසන්නේ මේ වනිවට ජලවිදුලිය මගින් සමස්ත ධාරිතාවයෙන් 20%ක් උත්පාදනය කරන අතර අනෙක් විභවයන් ඔස්සේ ඉතිරි 80% ලබාගැනීමට සිදුව ඇති බවයි.

 


මේ හේතුවෙන් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කළයුතු බව ද විදුලි බලමණ්ඩලය පවසයි.

 

views

993 Views

Comments

arrow-up