අලුත් එන්නත සහ කොරෝනා වල වත්මන් තත්වය

COVID – 19 හෙවත් නව කොරෝනා වෛරසය සුව කළ හැකි එන්නතක් සොයා ගැනීමට ඉන්දීය සහ ඇමරිකානු පර්යේෂකයන් පිරිසක් සමත්ව තිබේ. එම පර්යේෂකයන් සදහන් කළේ තවමත් පර්යේෂණ මට්ටමේ පවතින මෙම එන්නත තවත් මාස 6කට පසු මනුෂ්‍යයන් යොදා පරික්ෂාවට භාජනය කළ හැකි බවයි. මේ වන විට කොරෝනා වෛරසය සුව කළ හැකි එන්නතක් සොයා ලොව පුරා පරීක්ෂණ ඇරඹි නමුත් ඒ එස් අයි අයි කොඩැජෙනික්ස් යනුවෙන් හැදින්වෙන මෙම එන්තතෙහි විශේෂත්වය වන්නේ වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිය සිරුර තුල ගොඩනැගීමට ඊට වැයවන කාලය සෙසු ප්‍රතිකාර ක්‍රම වලට සාපේක්ෂව අවම වීම හේතුවෙනි.
මෙවැනි වෛරස වෙනුවෙන් එන්නත් සොයා ගැනීමට සාමාන්‍යයෙන් වසර හත අටක කාලයක් ගත වන නමුත් විද්‍යාගාරය තුල දැනටමත් මෙවැනි එන්නතක් නිර්මාණය කිරීමට හැකිවීම ජයග්‍රහණයක් බවත් එය සොයාගත් පර්යේෂකයෝ පෙන්වාදෙති. මේ අතර කෙරෝනා වෛරසය වළක්වා ගත හැකි මෙන්ම ප්‍රතිකාර කළ හැකි වෛර සියක් බව චීන සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කළහ. වෛරසයේ පැතිර යාම ආරම්භයේ එය ආසාදනය වීමෙන් අසාද්‍ය තත්ත්වයේ පසුවූ රෝගීන් ප්‍රතිශතය 38% සිට 18 % ක් දක්වා මේ වනවිට පහත වැටී ඇති බව ද සදහන්. මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය විමෙන් චිනයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව වන්නේ 2362 ලෙසයි.
මේ වන විට චීනයේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 77950 ඉක්මාව ගොස් ඇත. මේ අතර ඇමෙරිකාව ජපානයේ නිරෝධායන කර තිබූ ඩයමන් ප්‍රින්සස් නෞකාවේ සිටි පුරවැසියන් 300කට අධික පිරිසක් යළි ගෙන්වා ගැනීමට පියවර ගත්තේය. ඒ අතර වෛරසය ආසාදනය වූවන් 14 දෙනෙකු සිටින බව සදහන්ය. මේ අතර වෛරසය පැතිරයාමේ අවදානම හමුවේ ජපානයේ නරුහිතෝ අධිරාජයයාගේ උපන්දින සැමරුම අවලංගු කිරීමට ද එරට රජය පියවර ගනු ලැබීය . මේ වනවිට ජපානයේ පුද්ගලයන් හැටක් දෙනකුට වෛරසය ආසාදන වී ඇතැයි සඳහන්. කොරෝනා වෛරසය පැතිරයාම සිය සමාගමේ ලාභ ඉපැයිම පහත හෙලීමට හේතුවනු ඇතැයි ඇපල් සමාගම ප්‍රකාශ කළේය. ඇපල් සමාගම පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් සිය නිෂ්පාදන කටයුතු සහ වෙළදාම බලපෑම ද බලපෑමට ලක්ව ඇති බවයි.
මේ වන විට දෛනිකව වාර්තාවන නව කොරෝනා වෛරස ආසාදිතයින් දකුණු කොරියාවේ සැලකිය යුතු මට්ටමින් ඉහළ යමින් පවතින අතර ඊයේ දිනයේ පමණක් නව ආසාදිතයින් 52 දෙනෙකු හදුනාගෙන ඇති බවයි එරට බලධාරීන් පැවසීය.
මේ වනවිට එරටින් ආසාදිතයින් 156 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඊයේ(20) දිනයේ කොරෝනා ආසාදිත පළමු මරණය ද වාර්තා වී තිබුණි.
කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සැලකිය යුතු මට්ටමින් ඉහළ යාම හේතුවෙන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ද දකුණු කොරියානු රජය පියවර ගනිමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
by Avishka Dulshan
Photo source : Interent
928 Views
Comments