ලාහුගල ජාතික වනෝද්‍යාන භූමියේ මායිම් ගල් ගලවන කැළෑ පාළුවන් කවුද?

මේ තියෙන්නෙ ලාහුගල ජාතික වනෝද්‍යානය සීමා තුලට ඇතුලුවී එහි ඇති වනෝද්‍යාන මායිම් ගල් ඉවත්කරන පිරිසකගෙ දර්ශනයැයි සදහන් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.
පරිසරවේදීන් සහ පරිසර හිතකාමී ජනතාවට මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය ලබා ගැනීම උදෙසා පෙළගැසෙමින් සිටියි. ලාහුගල ජාතික වනෝද්‍යානය කියන්නෙ ලංකාවේ තියෙන ජාතික වනෝද්‍යාන අතරින් කුඩාම ජාතික වනෝද්‍යානයක්.
හෙක්ටෙයාර 5131 පමණ වපසරියෙන් යුත් ලාහුගල ජාතික වනෝද්‍යානය ප්‍රමාණයෙන් කුඩා වුනාට පාරිසරික වශයෙන් ඉතාමත් වැදගත් ප්‍රදේශයක්.
2006/07/20 දින ජාතික වනෝද්‍යානයක් ලෙස ලාහුගල නම් කෙරෙනවා.
විශාල අලි ඇතුන් ප්‍රමාණයක් මේ වනෝද්‍යානයට ඇතුල් වෙනවා ලාහුගල මහවැව ආශ්‍රිතව වැවෙන බෙරු ආහාරයට ගන්න. ඇතිමලේ, ඉඟිනියාගල දකුණ, වට්ටමාරු, කුමන, සියඹලාන්ඩුව වගේ විවිධ පැතිවල ඉඳන් මේ දැවැන්තයො ලාහුගලට සංක්‍රමණය වෙනවා තමන්ගෙ ප්‍රියතම බෙරු සොයා. පැහැදිලි වියන් ස්ථර දැකගන්න පුළුවන් ඉතාමත් හොඳ වියළි මිශ්‍ර වනාන්තර පද්ධතියක් ලාහුගල දකින්න පුළුවන්.
වනසත්ව හා වෘක්ෂලතා ආඥා පණතේ 5(1) වගන්තිය ප්‍රකාරව නියමිත අවසරයකින් තොරව ජාතික වනෝද්‍යානයකට ඇතුලු වීම හෝ රැඳී සිටීමවත් කල නොහැකි තැන ඊට අනවසරෙන් ඇතුලුව මායිම් ගල් ගලවා දමන්නේ කුමන අවසරයකින්ද ?
වනසත්ව හා වෘක්ෂලතා ආඥා පණතින් නෛතික ප්‍රතිපාදන අත්විඳින වනෝද්‍යාන සහ රක්ෂිත තමයි නීති ප්‍රකාර වැඩිම ආරක්ෂාවක් ලබන්නේ, එලෙස වනසත්ව හා වෘක්ෂලතා ආඥා පණත වැනි ප්‍රබල පණතක් යටතේ තිබෙන ජාතික වනෝද්‍යාන පවා මෙවැනි ක්‍රියාකාරකම්වලට යොමුවන විට 2001/05 චක්‍රලේඛයෙන් ඉවත්කල රජයේ අනෙකුත් වනාන්තර (other state forests) / අවශේෂ වනාන්තර වල ආරක්ෂාව අනාගතයේදි කෙබඳු වේදැයි ඔබට සිතාගැනීමට පුළුවන්.
යැයි සදහන් කරමින් Don Supz යන අය තැබූ සටහන අවසානයේ මෙසේ සදහන් වනවා. බලලෝභී, කෑදර දේශපාලඥයන්ගෙ උවමනාවට ජාතික වනෝද්‍යාන ජනාවාසකරණයට ඉඩ ලබා දිය යුතුද ? මොවුන්ට එරෙහිව බලයේ සිටින්නන් නීතිය ක්‍රියාත්මක කරන්නෙ නැතිද ?
ලාහුගල ජාතික වනෝද්‍යානයේ අභාවය ================================= මේ තියෙන්නෙ ලාහුගල ජාතික වනෝද්‍යානය සීමා තුලට ඇතුලුවී...
Posted by Don Supz on Thursday, November 12, 2020
780 Views
Comments