සැමියා සමග සිත්තැවුලෙන් මවක් දරුවන්ට වසදීලා
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
06

සැමියා සමග සිත්තැවුලෙන් මවක් දරුවන්ට වසදීලා

සැමියා සමග සිත්තැවුලෙන් මවක් දරුවන්ට වසදීලා

සැමියා සමග ඇති වූ පවුල් ආරවුලකින් සිත්තැවුලට පත් බිරිඳක් සිය දරුවන්ට වස මුසුකර ආහාර ලබා දී ඇයද වස මුසු ආහාර අනුභවකර ඇති බව වාර්තා වේ.

 

අද (06) උදෑසන 8ට පමණ එම සිද්ධිය සිදුවී තිබේ.

 

ඔවුන් ත්‍රිකුණාමලය නිලාවේලි ආනන්දපුරි ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

 

සිව් දරු මවක් වන 32 හැවිරිදි මෙම කාන්තාව සිය ගැහැණු දරුවන් තිදෙනාට මෙසේ වස මුසුකර ඉට්ලි ආහාරයට දී ඇති අතර ඉන් අසාධ්‍ය වූ ඇයගේ 16 හැවිරිදි දැරිය මරණයට පත්වී තිබේ

.

වස සහිත ඉට්ලි ආහාරයට ගැනීමෙන් අසාධ්‍ය වූ අදාළ කාන්තාව, ඇයගේ 08 හැවිරිදි බාල දියණිය සහ 11 හැවිරිදි දෙවැනි දියණිය මේ වනවිට ත්‍රීකුණාමලය මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.

 

අද දෙරණ වාර්තාකරු සඳහන් කළේ අදාළ කාන්තාව ඇයගේ දෙහැවිරිදි පිරිමි දරුවාට පමණක් වස ලබා දී නැති බවය.

 

ඇයගේ සැමියා කිලිනොච්චිය ප්‍රදේශයේ කෝවිලක පූජකවරයෙකු වන අතර ඔහු සමග ඊයේ (05) ඇතිව තිබූ ආරවුලක් හේතුවෙන් මෙම කාන්තාව අද (06) උදෑසන එසේ සිදුකර තිබුණි.

 

views

1018 Views

Comments

arrow-up