වැඩි මුදලට වාහන මිලදී ගන්න එපා : ආනයනකරුවන් ගෙන් 40%ක් බංකලොත්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
18

වැඩි මුදලට වාහන මිලදී ගන්න එපා : ආනයනකරුවන් ගෙන් 40%ක් බංකලොත්

වැඩි මුදලට වාහන මිලදී ගන්න එපා : ආනයනකරුවන් ගෙන් 40%ක් බංකලොත්

වාහන ආනයනය නවතා මාස 6ක පමණ කාලයක් වන අතර වසර 2ක් පමණ කාලයක් එය ක්‍රියාත්මක වන බවට මතයක් ඇති බව, ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරින්චිගේ පවසනවා.

වෙළෙඳ පොළේ ඇති වාහන සීඝ්‍රයෙන් අවසන් වන බවත් ඉහළ මිල ගණන්වලට ඒවා අලෙවි වන බවත් ඔහු කියා සිටිනවා.

රජයේ මුදල් සංචිත ප්‍රශ්නයක් නිසා මෙලෙස අත්‍යවශ්‍ය නොවන ආනයන සිමා කර ඇති බව පවසන ඔහු මෙය තාවකාලික බවද සඳහන් කළා.

කෙසේවෙතත් ඔහු අවධාරණය කළේ අනිසි මිල ගණන්වලට වාහන මිලට නොගන්නා ලෙසයි.

එහෙත් මෙම තත්වය මත වාහන වෙළෙන්දන්ගෙන් 40%ක් පමණ බංකොලොත් වී ඇති බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරින්චිගේ පැවසුවේ.

views

962 Views

Comments

arrow-up