පාසල් ළමුන්ට බිත්තරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
11

පාසල් ළමුන්ට බිත්තරයක්

පාසල් ළමුන්ට  බිත්තරයක්

පාසල් ළමුන්ගේ පෝෂණීය තත්වය ඉහල දැමීම සඳහා දෛනිකව බිත්තරයක් ලබාදීම සම්බන්ධයෙන් සොයාබලන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අධ්‍යාපන අමාත්‍යවරයාට උපදෙස් ලබාදී ඇති බව පැවසෙනවා.

 

බේකරි නිෂ්පාදකයන් හා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගම් හමුවූ අවස්ථාවේ විජේරාම නිලනිවසේදී අගමැතිවරයා මේ අදහස් පළකර ඇත.

 

බේකරි නිෂ්පාදන සඳහා බිත්තර මිල බලපාන ආකාරය බේකරි නිෂ්පාදකයන්ගේ සංගමය විසින් මෙහිදී අග්‍රාමාත්‍යවරයාව දැනුවත් කර ඇත. මෙහිදී බිත්තර නිෂ්පාදනයට යන පිරිවැය සම්බන්ධයෙන් ද මෙහිදී බිත්තර නිෂ්පාදකයන් විසින් පෙන්වා දී ඇත.

 

පාරිභෝගිකයන්ට සහනයක් වන අයුරින් සංගම් දෙකම ගිවිසුම් සම්මුතියකට පැමිණෙන්නැයි අග්‍රාමාත්‍යවරයා අදාළ නියෝජිත පිරිසට දන්වා ඇත.

 

කුකුළු පැටවකුගේ මිල රුපියල් 175-200ත් අතර මිලකට පහත හෙළීමත් බිත්තර නිෂ්පාදකයන් සහ බේකරි නිෂ්පාදකයන් අතර ගිවිසුමකට හෝ එකඟතාවයකට මැදිහත්වන ලෙස අගමැතිවරයා විෂය භාර අමාත්‍යවරුන්ට උපදෙස් දී ඇත.

 

එම අවස්ථාව සඳහා සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් , අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් අමන්දා කරුණාතිලක මහත්මිය යන පිරිසද මේ සඳහා සහභාගී වී ඇත.

views

899 Views

Comments

arrow-up