මට නීතියට වඩා ජනතාව ලොකුයි – රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
12

මට නීතියට වඩා ජනතාව ලොකුයි – රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත

මට නීතියට වඩා ජනතාව ලොකුයි – රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත

තමන්ට නීතියට වඩා ජනතාව ලොකු බවත් ඒ නිසා තමන් සැමදා ජනතාව වෙනුවෙන් පෙනී සිටින දේශපාලනඥයකු බවත් ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි.
ආනවිලුන්දාව ඩෝසර් කිරීමේ සිද්ධිය හේතුවෙන් තම සහෝදරයා සැඟවී සිටින බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බව රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත. ඕනෑම මොහොතක තම සොහොයුරා පොලීසියට අවශ්‍ය නම් ඔහු නිවෙසේ සිටින බවත් එසේ සිටියදී අත්අඩංගුවට නොගෙන සිටී නම් එය පොලීසියේ වරද මිස තමන්ගේ වරදක් නොවන බවත් හෙතෙම සඳහන් කර ඇත.
කෙසේ වෙතත් තමන්ගේ නම සම්බන්ධ කරමින් ප්‍රචාරය වන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බවද ඔහු වැඩිදුරටත් පවසයි.

 

views

725 Views

Comments

arrow-up