ජෙලට්නයිට් කූරු සමග රියදුරු හා කොන්දොස්තර අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
19

ජෙලට්නයිට් කූරු සමග රියදුරු හා කොන්දොස්තර අත්අඩංගුවට

ජෙලට්නයිට් කූරු සමග රියදුරු හා කොන්දොස්තර අත්අඩංගුවට

මන්නාරම සිට කොළඹ බලා ධාවනය කළ පෞද්ගලික බස් රථයකින් ජෙලට්නයිට් කූරු 51 ක් ප්‍රවාහනය කළ එම බස් රථයේ රියදුරු හා කොන්දොස්තර අත්අඩංගුවට ගත් බව වව්නියාව සෙට්ටිකුලම පොලීසිය පවසයි.

 

වව්නියාව නේරියකුලම සෝදිසි කිරීමේ මාර්ග බාධකයේ දී බස් රථයක් පරීක්ෂා කිරීමේදී බෑගයක සඟවා තිබූ ජෙලට්නයිට් කූරු සොයාගෙන තිබෙනවා.

 

බස් රථය ධාවනය කළ රියදුරු හා කොන්දොස්තරවරයා එලෙස අත්අඩංගුවට ගත් අතර, අනවසරයෙන් මසුන් අල්ලන ධීවරයින් වෙත මෙම ජෙලට්නයිට් කූරු ලබාදීමට රැගෙන ගොස් ඇති බව සැකකරන බවට ආරක්ෂක අංශ සදහන් කළා.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා බස් රථය වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයටඉදිරිපත් කිරීමට නියමිතයි.

views

627 Views

Comments

arrow-up