තරුණියකගේ බෙල්ල කපා ඝාතනය කල පොලිස් SI සියදිවි නසාගනියි (PHOTOS)

කොළඹ, වේල්ල වීදියෙන් පෙරේදා හමුවූ තරුණියකගේ මලසිරුරට සම්බන්ධයෙන් පොලිස් විමර්ශනවලට අවශ්‍යව සිටි සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ මළ සිරුර සොයාගෙන තිබේ.
එ ඔහුගේ නිවස පිහිටි බඩල්කුඹුර, පහේ කණුව ප්‍රදේශයේ, කැලෑවක ගසක එල්ලෙමින් තිබිය දී මළ සිරුර සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
එම මළ සිරුර ආසන්නයේ තිබී “වස කුප්පියක්“ ද සොයාගෙන ඇති අතර, ඔහු වස පානය කර සියදිවි හානි කරගැනීමට ඇතැයි පොලීසිය සැක පළ කරයි.
එලෙස මියගොස් ඇත්තේ 52 හැවිරිදි, බුත්තල පොලීසියට අනුයුක්තව සේවය කරන නිවාඩු ලබා සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකි.
මියගොස් ඇති තරුණිය කුරුවිට ප්‍රදේශයේ පදිංචි අවිවාහක තරුණියක බවටද හෙළිකරගෙන තිබෙනවා.
මොවුන් දෙදෙනා පසුගිය 28 වනදා රාත්‍රියේ හංවැල්ල ප්‍රදේශයේ ලැගුම්හලකට යන අයුරුත් පසුදින පෙරවරුවේ සැකකරු පමණක් ඉන් පිටතට පැමිණෙන අයුරුත් සී සී ටී වී දර්ශන මගින් නිරීක්ෂණය කර තිබෙනවා.
1205 Views
Comments