“කංසා” අධි අවදානම් සහිත ලැයිස්තුවෙන් ඉවතට

අධි අවදානම් සහිත මත්ද්‍රව්‍ය ලැයිස්තුවෙන් “කංසා” ඉවත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගෙන තිබෙනවා.
ඒ කංසා සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දුන් නිර්දේශ සැලකිල්ලට ගනිමින්
කංසා සහ කංසාවල වෙනත් නිෂ්පාදන සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිර්දේශ මාලාවක් සමාලෝචනය කිරීමෙන් පසුව එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය කොමිසම මෙම තීරණය ගෙන තිබෙනවා.
ඊට අදාළ යෝජනාවට, මත්ද්‍රව්‍ය පිළිබඳ කොමිසමේ සාමාජික රටවල් 53න් 27ක් ම පක්ෂව ඡන්දය දී තිබූ අතර විපක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබුණේ සාමාජිකයන් 25ක් පමණයි.
මින් ඉදිරියට කංසා අවදානම් සහිත මත්ද්‍රව්‍යයක් ලෙස නොසලකන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කරන්නේ.
“කංසා” එම අධි අවදානම් ලැයිස්තුවේ වසර 59ක කාලයක් පැවතුණා.
655 Views
Comments