"බුරවි" අතුරුදන් කළ ධීවරයාගේ සිරුර හමුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
04

"බුරවි" අතුරුදන් කළ ධීවරයාගේ සිරුර හමුවෙයි

"බුරවි" අතුරුදන් කළ ධීවරයාගේ සිරුර හමුවෙයි

ඊයෙ බුරවි සුළිකුණාටුවෙන් එක් පුද්ගලයෙකු අතුරුදන් වූ බව යාපනය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දුන්නා.

 

පැවති අයහපත් කාලගුණ තත්වය දී ධීවර කටයුතුවල යෙදුණු ධීවරයෙකුයි මෙලෙස අතුරුදන්වී තිබුණේ. එම ධීවරයාගේ සිරුරකරෙයිනගර් ඌරි ප්‍රදේශයේ වෙරළට ගොඩගසා තිබේ දී සොයා ගත් බව පොලීසිය පවසනවා.

 

මියගිය පුද්ගලයා වඩුක්කෝට්ටෙයි ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි හැවිරිදි පුද්ගලයෙක්.

 

ඔහු පසුගිය පළමුවැනිදා ඉස්සන් ඇල්ලීම සඳහා නොගැඹුරු මුහුදු ප්‍රදේශයේ ඇවිදිමින් සිටියදී දළ රළ පහරට හසුව අතුරුදන් වූ බවයි පැවසෙන්නේ.

 

ධීවරයාගේ සිරුර පිළිබඳ මහේස්ත්‍රාත් හා පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිත බව පොලිසිය සදහන් කළා.

views

659 Views

Comments

arrow-up