DEC
03
සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු මාසයේ

පවතින වාතාවරණය හමුවේ කල්දමා ඇති සාමාන්‍ය පෙළ විභාගය එළැඹෙන වසරේ මාර්තු මාසයේ පැවැත්වීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා.
2021 වර්ෂයේ ජූනි මාසයේදී උසස් පෙළ පංති ආරම්භ කිරීමට එමගින් හැකියාවක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
මේ අතර උසස් පෙළ විභාග ප්‍රතිඵල ද ලබන මාර්තු මාසය වන විට නිකුත් කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
929 Views
Comments