වී ගොවීන්ට යල කන්නය සඳහා පොහොර සහනාධාර ලබාදීමට පියවර

2024 යල කන්නය සඳහා වී ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව එක් ගොවියෙකුට වගා කරන උපරිම හෙක්ටයාර 2ක් වෙනුවෙන් හෙක්ටයාරයකට රුපියල් 15,000 බැගින් වූ මුදලක් මූල්‍ය සහනාධාරයක් ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ලබාදීමට නියමිතය.
එම නියමිත සහනාධාර මුදල් ගොවියන්ගේ බැංකු ගිණුම් වෙත ඍජුවම බැරකිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
මේ අතර 2024 යල කන්නය සඳහා සීමාසහිත ලංකා පොහොර සමාගම සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම මඟින් ද පොහොර ආනයනය කර, පුද්ගලික අංශය සමග තරගකාරී ලෙස ගොවීන් වෙත සහනදායි මිලකට පොහොර අලෙවි කිරීම සඳහා ද අමාත්‍ය මණ්ඩල තීරණයක් ගෙන තිබේ.
යල කන්නයේ වී වගාව සඳහා යූරියා, TSP සහ MOP යන රසායනික පොහොර පිළිවෙලින් මෙට්‍රික්ටොන් 110,298.1ක් මෙට්‍රික්ටොන් 27,711.1ක් සහ මෙට්‍රික්ටොන් 33,412.4ක් අවශ්‍ය බව ජාතික පොහොර ලේකම් කාර්යාලය ඇස්තමේන්තු ගත කර තිබේ.
218 Views
Comments