කොළඹ ගාලූමුවදොර පිටියේදී රුසියානු ජාතික කාන්තාවකට හිරිහැර කළ 05ක් අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
07

කොළඹ ගාලූමුවදොර පිටියේදී රුසියානු ජාතික කාන්තාවකට හිරිහැර කළ 05ක් අල්ලයි

කොළඹ ගාලූමුවදොර පිටියේදී රුසියානු ජාතික කාන්තාවකට හිරිහැර කළ 05ක් අල්ලයි

කොළඹ ගාලූමුවදොර පිටියේදී රුසියානු ජාතික කාන්තාවකට හිරිහැර කළ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

එලෙස හිරිහැරයට ලක්වූ රුසියානු ජාතික කාන්තාව තමන්ට සිදුවූ මෙම හිරිහැරය පිළිබඳ ෆේස්බුක් හරහා වීඩියෝවක් මගින් ද පළකර තිබුණා. මෙම සැකකරුවන් පිරිස අදාළ රුසියානු ජාතික යුවළට අසභ්‍ය වචනයෙන් බැනවදින ආකාරය ද එහි දැක්වෙනවා. 

 

ඇය සිය පෙම්වතා සමග කොළඹ ගාලූමුවදොර පිටියට පැමිණි අවස්ථාවේදී තරුණයින් 05 දෙනෙකු මෙම රුසියානු ජාතික කාන්තාවට උසුළු විසුළු කර ඇති බවටයි පොලීසියට කළ පැමිණිල්ලේ දැක්වෙන්නේ.

 

මෙම රුසියානු ජාතික කාන්තාවගේ පෙම්වතා එය නතර කරන ලෙස මෙම තරුණ පිරිසට පැවසීමත් සමග එම සැකකරුවන් ඔහුට ද පහර දී එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා.

 

පසුව මෙම රුසියානු ජාතික කාන්තාවගේ පෙම්වතා මේ පිළිබඳ පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු මෙම සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ 02 ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බව ද පොලීසිය සඳහන් කළා. 

 

views

724 Views

Comments

arrow-up