කොරෝනා ආසාදිත යැයි කී ජින්තුපිටියේ පුද්ගලයාට පී.සී.ආර්. කරලා තියෙන්නේ පෞද්ගලික රසායනාගාරයකින්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
07

කොරෝනා ආසාදිත යැයි කී ජින්තුපිටියේ පුද්ගලයාට පී.සී.ආර්. කරලා තියෙන්නේ පෞද්ගලික රසායනාගාරයකින්

කොරෝනා ආසාදිත යැයි කී ජින්තුපිටියේ පුද්ගලයාට පී.සී.ආර්. කරලා තියෙන්නේ පෞද්ගලික රසායනාගාරයකින්

ඉන්දියාවේ සිට පැමිණි ජින්තුපිටියේ පුද්ගලයා කොවිඩ් ආසාදිතයකු බවට තීරණය කර ඇත්තේ පෞද්ගලික රසායනාගාරයකින් නිකුත් කළ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවක් අනුව බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලිඛිත පැමිණිල්ලක් කර ඇත.

 

කෙසේ වෙතත් මෙම පුද්ගලයා කොවිඩ් ආසාදිතයකු නොවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති රසායනාගාරයකින් පසුව කළ පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල පහකින් තහවුරු වී ඇතැයිද හෙතෙම ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ සඳහන් කර ඇත. මෙසේ වැරදි බවට අනුමාන කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා නිකුත් කරන පිටස්තර රසායනාගාරවලට අදාළ පරීක්ෂණ සාම්පල ලබාදීම අත්හිටුවන්නැයි තම සංගමය කළ ඉල්ලීම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසකගේ අවශ්‍යතාව මත මෙතෙක් පිළිගෙන නැතැයිද රවි කුමුදේශ් චෝදනා කරයි.

 

පෞද්ගලික වෛද්‍ය රසායනාගාරවලට පී.සී.ආර්. පරීක්ෂණ යොමු කිරීමෙන් ඇතිවන මෙවැනි ව්‍යාකූල තත්ත්වයන් පිළිබඳව විධිමත් විමර්ශනයක් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින රවි කුමුදේශ් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති කිසිදු රසායනාගාරයක කොවිඩ් පරීක්ෂණ උපරිම ධාරිතාවකට පැමිණ නැති අවස්ථාවක පෞද්ගලික රසායනාගාර මගින් එම පරීක්ෂණ සිදුකර ව්‍යාකූල තත්ත්වයක් ඇතිකර ගැනීම පැහැදිලි නැති බවද පවසයි.

 

 

 

views

792 Views

Comments

arrow-up