“මටත් ඒක තේරුම්ගන්න තාත්තා කෙනෙක් වෙන්නම වුණා” - නාමල් රාජපක්ෂ

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ප්‍රතිසංස්කරණය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කුරුණෑගල දිස්ත්‍රික් දේශපාලන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
අරගල සමයේදී ගිනි තබා විනාශ කෙරුණු මෙම කාර්යාලය විවෘත කිරීම අද සිදුකෙරුණේ පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.
එහිදී දහස් දැක්වූ දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා,
"මගේ සීයාගේ සොහොන කඩලා බිඳලා දැම්මා, අපි ජීවත් වෙච්ච නිවාස ගිනි තියන්න ගත්තා, මේ දරුවන්ට වෛර කරලා වැඩක් වෙන්නේ නෑ. යම් කණ්ඩායමක් විසින් ඒ අයව පෙළඹවූවා. සාමාන්‍යයෙන් දරුවෝ වුණාම ටිකක් දඩබ්බරයි, මටත් ඒක තේරුම්ගන්න තාත්තා කෙනෙක් වෙන්නම වුණා. වැඩිහිටියෝ විදියට ඔබේ අපේ වගකීම තමයි ඒ දරුවන්ට යථාර්ථය පැහැදිළි කිරීම. ඒ නිසා අපේ හාමුදුරුවනේ ඒ අයට අවස්ථාවක් දෙන්න ඕන ලෝකය පිළිබඳව විවෘත මනසකින් බලන්න."
229 Views
Comments