“විශාල කළකිරීමක්” : අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයා ගැන නාමල් කියූ දේ

අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු මෙරටට පැමිණීමේදී ගුවන් තොටුපොළේදී සිදුකරනු ලබන PCR පරීක්ෂණයට ලක් නොවීමේ සිද්ධිය කණගාටුවට කරුණක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා.
සිය ට්විටර් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් හිටපු මන්ත්‍රීවරයා කියා සිටින්නේ වියානා සම්මුතිය පැවතියත්, නැතත් ලෝකය ගෝලීය වසංගතයකට මුහුණ දෙමින් පවතින අවස්ථාවේදී රටවල් මගින් පනවා ඇති ක්‍රියා පටිපාටියන්ට සහයෝගය දක්වමින් සහ ඒවාට ගරුකරමින් මිනිස් ජිවිත බේරා ගැනීම සඳහා කටයුතු කිරීම වටිනා බවයි.
Reports regarding a US diplomat refusing PCR tests at BIA is so disappointing. Vienna Convention or not, the world’s in the midst of a global pandemic & what we need more than ever is cooperation & respect of one another’s national frameworks which are put in place to save lives.
— Namal Rajapaksa (@RajapaksaNamal) June 4, 2020
751 Views
Comments