එජාපයේ හා සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල අද වෙන වෙනම රැස් වෙයි

එක්සත් ජාතික පක්ෂයේ හා සමගි ජන බලවේගය පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම් අද(29) පැවැත්වෙයි.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.00ට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවැත්විමට නියමිතයි.
එහිදි ඉදිරි මහමැතිවරණයට තරග කිරීම සඳහා සමගි ජනබලවේගය පක්ෂයෙන් නාමයෝජනා භාරදී තිබෙන සාමාජිකයින් 102 දෙනෙකුගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවිම සම්බන්ධයෙන් තිරණයක් ගැනිමට නියමිත බව වාර්තා වෙනවා.
මේ අතර හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම ද අද පැවැත්වෙයි.
කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අද දහවල් 2ට ඇතුල්කොට්ටේ පිහිටි පක්ෂ කාර්යාලයේ දි පැවැත්වෙන බව වාර්තාවෙයි.
මේ අතර සමගි ජන බලවේගය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රිවරුන්ට එරෙහිව විනය පරික්ෂණ පැවැත්වීම රජයේ අරමුණු ඉටු කිරිමක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි කබිර් හෂීම් මහතා ප්‍රකාශ කළේය.
730 Views
Comments