ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සූදානම් වෙන්න-මුද්‍රණ දෙපාර්තමේන්තුවට මැ.කො. දැනුම් දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
29

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සූදානම් වෙන්න-මුද්‍රණ දෙපාර්තමේන්තුවට මැ.කො. දැනුම් දෙයි

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සූදානම් වෙන්න-මුද්‍රණ දෙපාර්තමේන්තුවට මැ.කො. දැනුම් දෙයි

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට කටයුතු සූදානම් කර ගන්නා ලෙසට මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

 

පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයන් එක්කෝටි හැටනවලක්ෂයක් සුදුසුකම් ලබා සිටිති.

 

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබීමෙන් පසුව මෙම කටයුතු අරඹන බවද මුද්‍රණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

කොවිඩ් 19 වයිරස තත්ත්වයට පෙරදී ඡන්ද පත්‍රිකා මුද්‍රණය එකම අංශයක සිදුවූවත් මෙවර ඒ සඳහා අංශ කීපයක් යොදා ගැනීමට නියමිතය.

 

එමෙන්ම මුද්‍රණ කටයුතුවලදී පෙරට වඩා ආරක්ෂාව වැඩි කෙරෙනු ඇත. ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා දින පහළොවත් විස්සත් අතර කාලයක් ගතවනු ඇතැයි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසයි.

views

740 Views

Comments

arrow-up