රාජිතගේ ඇප අයදුම සලකා බැලීම 30

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න ගේ අපේක්ෂිත අයදුම්පත සලකා බැලීම එළඹෙන 30 දක්වා කල් තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මීට ටික වෙලාවකට පෙර තීරණය කරනු ලැබුවා.
ඒ හිටපු ඇමතිවරයා විසින් ගොනු කරන ලද අපේක්ෂිත අයදුම්පත කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ අද විභාගයට ගැනීමෙන් අනතුරුවයි.
සුදු වෑන් පැහැර ගැනීම් සම්බන්ධයෙන් ඉකුත් ජනාධිපතිවරණ සමයේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ජාවක් සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටින බවත්, එය වලක්වාලමින් තමන්ට අපේක්ෂිත ඇප ලබා දෙන්නැයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් අධිකරණය හමුවේ මෙම අපේක්ෂිත ඇප අයදුම්පත ගොනු කර තිබෙනවා.
671 Views
Comments