ශ්‍රී ලංකන් නව සභාපති අශෝක් පතිරගේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
16

ශ්‍රී ලංකන් නව සභාපති අශෝක් පතිරගේ

ශ්‍රී ලංකන්  නව සභාපති  අශෝක් පතිරගේ

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති ධූරය සඳහා අශෝක් පතිරගේ මහතා පත් කර තිබෙනවා.

 

මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු වන පතිරගේ මහතා, ශ්‍රී ලංකන් ගුවන්සේවයේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ඒ අනුව පත්ව ඇත.

 

සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. මොහොමඩ් විසින් මීට අදාළ පත්වීමේ ලිපිය නිකුත් කර තිබෙන අතර මේ අනුව 2019 දෙසැම්බර් 13 දින සිට අශෝක් පතිරගේ මහතාගේ පත්වීම බලපැවැත්වෙනු ඇත.

 

මෙරට දැවැන්ත සමාගම් සමූහයක් වන සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් හි නිර්මාතෘවරයා වන අශෝක් පතිරගේ මහතා එහි සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂවරයා ද වනවා.

views

781 Views

Comments

arrow-up