ප්‍රධාන ජලාශ 3ක වාන් දොරටු තවදුරටත් විවෘතයි

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් දැදුරුඔය, රාජාංගණය සහ අංගමුව ජලාශවල ජල ධාරිතාවය පිටාර මට්ටමට පැමිණ ඇති බැවින් තවදුරටත් වාන් දොරටු විවෘතව පවතිනවා.
දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 4ක් සහ රාජාංගණය මෙන්ම අංගමුව ජලාශවල වාන් දොරටු දෙක බැගින් විවෘත කර ඇති බව එහි පුත්තලම් දිස්ත්‍රික් ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දිවයිනට ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශයේ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන් මඩකලපුව සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 70ත්, 80ත් ප්‍රමාණයකින් ඉහළ යා හැකි බව ප්‍රකාශ කළා.
629 Views
Comments